මේක වෙලා තියෙන්නෙ අම්පාර පැත්තෙ...ටවුන් එකට ටිකක් දුරින් ගොඩක් ලාබෙට ඉඩමක් තියෙන බව සඳරුට ආරංචි වුණා දවසක් මිනිහ නිවාඩුවකුත් දමල ඒ ඉඩම බලන්න තවත් යාළුවෙක් එක්ක සෙට්වුණා හැබැයි ඒ යනකොට තමන්ගෙ ලැප්ටොප් එකත් ගන්න සඳරු අමතක කරේ නෑ ඒත් යාළුව ඇහුව
"ඉඩම් බලන්න යන්න ලැප්ටොප් මොකටද මචන් .., ඔව් ඉතින් උඹ කක්කුස්සියට ගියත් ඕක අරන්නේ යන්නෙ"
'උඹට ඒකෙන් වැඩක් නෑ යමන් කෝ"
කියමින් විනාඩි කිහිපයකින් එම ඉඩම තියෙන තැනට ළඟා වුණා ඉඩමෙ අයිති කාරයත් ඒ කිට්ටුවම ඉන්න නිසා මුලින්ම ගියේ එහාට.. ගිහින් මිනිහත් එක්ක ඉඩම තියෙන තැනට ආව...
"දැන් එතකොට මේකෙ අන්තිම ගාන කීයද ?" කියා සඳරු ඇහුව...
"මහත්තයෝ මේක ලක්ෂ තුනක් විතර වටින ඉඩමක් ඒත් අපේ පුතාට රට යන්න ඉක්මනට සල්ලි ටිකක් හදාගන්න ඕන නිසා තමයි මං මේක හදිස්සියෙම අඩුවට විකුනන්නෙ දෙකයි විසිපහක් දෙන්න ඊට අඩුව නම් බෑ..."
ගාන ෂේප් බව සඳරුට ද තේරුම් ගියේය නමුත් සඳරු ගේ මූලික අවශ්‍යතාවය තිබේදැයි බැලීම අනිවාර්යය..
"හරි බලමු කෝ මේක මට ගැලපෙනවද කියල..." එවිට ඉඩම හිමිකරුවා කීවේ "මහත්තයෝ කරන්ට් එකත් තියනව නම් වතුර ලයින් එකත් තියනව නම් ප්‍රධාන පාරටත් වැඩිදුරත් නැත්තම් තව අහවල් එකක් බලන්නද?"
එවිට කිසි කථාවක් නැතිව සිනාමුසු මහුනින් සඳරු තම ලැප්ටොප් එක ඔන් කරගෙන ඉන්ටර්නෙට් ඩොංගල් එකත් එහි ගසා එයට "ඩයලොග්" සිම් එක දමා ඉඩම වටේ යන්නට විය ..
"අඩෝ උඹට පිස්සුද මචන්?" යාළුවා විමසන්නට විය "හිටපන්කෝ..." කියමින් ඉඩම පුරා ගිය සඳරු නැවතත් "මොබිටෙල්" සිම් එක දමා එපරිද්දෙන්ම ඉඩම පුරා යන්නට විය "ඒත් හරියන්නෑ බං අන්තිම තුරුම්පුවත් ගහල බලමු" කියා තම "එයාර්ටෙල්" සිම් එකද යොදා ඉඩම පුරා යන්නට විය. අවසානයේ වැඩක් නෑ මේකෙ කිසිම තැනකට ඉන්ටර්නෙට් සිග්නල් නෑ ඒ නිසා මට මේක හරියන්නෙ නෑ යැයි සඳරු කිව්වේය..
"මේ මොන හත්තිලව්වක් ද! කලින් එකා ෆෝන් සිග්නල් නෑ කියල ඉඩම එපා කිව්ව දැන් ඉන්ටර්නෙට් සිග්නල් නෑ කියල ඉඩම එපා ලු.. බුදුසරණයි මහත්තයල එහෙනම් දැන් යන්න ඔය ඉඩම ඔහේ තියෙද්දෙන්..."
යැයි මල පැන්න ඉඩම් හිමියා හයියෙන් බුලත් කෙළ පාරකුත් ගසා ගෙදර යන්නට විය. සඳරු හා මිතුරා නැවතත් අම්පාර බලා පිටත් විය ඒ එන විට සඳරු මිතුරාට මෙන්න මෙහෙම කිව්වලු "ඉන්ටර්නෙට් නැත්තම් මට ඕක නිකන් දුන්නත් එපා"